Skip to main content

Posts

Featured

කපුමහත්තයා

"කුසුමෙට තිබ්බේ මිනිහට ඉනාවක් හරි දීලා ගෙට ගාල් කරගන්න"


කරුණා බුලත් කාලාම  රතු වෙච්චි කට උල් කරලා  දොරකඩ ඉස්සරහම කුනු ලේ පාට බුලත් කෙළ තලියක් ගැහුවා..පස්සේ එහෙන් මෙහෙන් ඉදිච්ච කෙස්ස කස කසා ඇවිත් ඉස්තෝප්පු පඩියක් උඩින් වාඩි වෙලා චීත්තේ පොටේ අස්සෙන් ආයිත් බුලත් දුම් කොළ ටිකක් ඩැහැගෙන හක්කට හලා ගත්තා...


"අනේ මේ කරුණෝ... උඹ මේ ඉවක් බවක් නැතිව කෙළ ගහලා ගියාට පස්සේ මමයි පොඩි එකීගෙන් පද අහන්න ඔනි..."

"අනේ උඹේ නල්ලමලේ පොඩි බඩ්ඩ..මේ උඹ ගාව තීනම් මට පුවක් කෑල්ලක් දීන්කෝ..මගේ පුවක් කෑල්ල රෙද්ද පල්ලෙන් වැටිලා මයේ හිතේ.."

කුසුමේ අතේ තිබ්බ පුවක් කෑල්ල 'ඉඳා' කියලා කරුණාගේ ඔඩොක්කුවට වැටෙන විදිහට විසි කළා..දැන් හැන්දෑවේ මුල කොටහා පටන් අරගෙන ඉවරයි..හෙන්දිරික්කා ගස් වල මල් පිපිලා ඒ සුවඳ හුලඟට දිය වෙලා ගිහින්..ඉරේ රැස් අඩු වුනත් අගෝස්තු දාහේ නම් අඩුවක් පාඩුවක් නැති නිසා කරුණයි කුසුමෙයි දෙන්නම රේස් පත්තර දෙකකින් පවන් ගහ ගන්නවා... රේස් පත්තර මිටිය බුකියෙන් ඉල්ලගෙන එන්නේ කරුණා බත් ඔතන්න..කුසුමේ පොඩි එකීට බත් බැඳලා යවන්න ඉස්සර පත්තරයක් දෙකක් ඉල්ල එහෙම ගත්තා.... "අම…

Latest Posts

ගාබ්‍රියෙල්

සිහින අල්ලන්නී

ගෑනු මදුරුවෝ

"සුසුම් නාඳුනන අප දෙදෙන" පොත එළිදැක්වීම

ඔබ පියාඹා යන්න!

ඔබ වෙනස් වෙයි!

ප්‍රේමයේ වර්ග ____________2

ප්‍රේමයේ වර්ග..1

පළමු වැරැද්දට පස්සේ.....