ගඟක් මි



මම ගඟක් මි
දෙ ඉවුරටම සිඹිමි

ධවල තලාවකි වැලි
සුවඳ මල් පෙති
කුඩා තිරුවාන කැබලි
දෙපසටම මා කැමති

ගලා යමි
ඉවුරු'තරින්
දනිමි අවසන
සයුරටයි මා හිමි!

Comments

Popular Posts